Life
දද කුෂ්ඨ සුවයට ඖෂධීය ජලයේ වැදගත්කම
චර්ම ආසාදනයක් ඕනෑම අයෙකුට ඇතිවීමේ හැකියාව තිබේ. ප්‍රධාන හේතු ලෙසට
ගර්භනී කාලයේ ගර්භනී පරිචර්යා (පිළිවෙත්) නිසි පරිදි නොපිළිපැදීම නිසා සමට
අහිතකර අධික උෂ්ණ ආහාර සේවනය (ගැනීම) කිරීමෙන් බිහිවන දරුවාට චර්ම ආසාදන
ඇතිවිය හැකිය.
එමෙන්ම ඕනෑම වයසක අධික උෂ්ණ ආහාර වර්ග අසාත්මික
පුද්ගලයන් ඒවා වැඩිපුර සේවනය (ගැනීම) මගින් සහ සිරුරෙන් මැඩ පැවැත්වීමට
ශක්තිය නොමැතිව වරෙක ජානමය ගැටලු මත චර්ම රෝග ඇතිවිය හැක. උදාහරණ ලෙසට දද,
කුෂ්ඨ, සහ චර්ම ආසාදන (කැසීම්, රත් පැහැ පැල්ලම් වැනි තත්ත්ව) පෙන්වා දීමේ
හැකියාව තිබේ.
එමෙන්ම ඇතැම් විටදී සමේ රතු පැහැ පළු, බිබිලි, කැසීම
වර්ධනය වී තුවාල වී තවදුරටත් අවධානයක් යොමු නොවී නම් මතුවන අවස්ථාව
පිළිබඳ නොදැනුවත්කම අනුව ආහාර ගැනීම තුළින් දද කුෂ්ඨ වර්ධනය වීමට පුළුවන.
ඇදුම
වැනි රෝගවලදී ඇදුම රෝගය යටපත් වන විට (සුව වන විට) දද කුෂ්ට මතුවන බවට
සමාජය තුළ කතා බහක් තිබේ. එහෙත් චීනකටු චිකිත්සාව මගින් ප්‍රතිකාර
කිරීමේදී එය එලෙසින් නොවන්නට ප්‍රතිකාර කරන්නේ නැවත රෝගයක් මතු නොවන
ලෙසිනි. නිසි නිල උත්තේජනයෙන් ඇදුම සුව වන විට නිසි නිල උත්තේජනය තුළ
කුෂ්ඨ, දද මතු වීමක් නොවනු ඇත.
කිරි දෙන මව දරුවාට කිරි දෙන විට
අධික උෂ්ණ ආහාරයෙන් වැළකිය යුතුය. මවුකිරිවලින් දරුවාට පෝෂණය ලැබෙන
නිසාවෙන් පිරිසිදු ජලය, අලුත් එළවළු, පලතුරු ආහාරයට එකතු කර ගනිමින් සමබර
ආහාරයක් ලබාගැනීමට වග බලා ගත යුතුය. එවිට මවුකිරි මගින් ළදරුවාට හොඳ
ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේය.
කුෂ්ඨ රෝග තිබෙන දරුවන් නෑවීමේදී ඒ
සඳහා සුදුසු ඖෂධ තැම්බූ ජලය යොදා ගැනීම යෝග්‍යය. ඒවා නම් වැල්මදට, හීන්
නිදි කුම්බා, පොකුරු වද මල්, රත්මල්, කොහොඹ කොළ, අමු කහ, ගන්සූරිය,
වෙනිවැල්ගැට ඖෂධීය දේය. මෙවැනි ද්‍රව්‍ය එකක් දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර
කර සාදාගත් ඖෂධීය ජලය කුෂ්ඨ රෝගී දරුවන් නෑවීමට ඉතා යෝග්‍යය. කොහොමටත්
නිරෝගී දරුවන් නෑවීම සඳහා එදා අපේ වැඩිහිටියන් ඖෂධීය ජලය යොදා ගත්තේ දරුවාට
නිරෝගී භාවය ලබා දීමටය.
වැඩිහිටි අයට මේවා තම්බා දද කුෂ්ඨ ඇති තැන්
සේදීමට පුළුවන. එමගින් ආසාදිත චර්ම රෝගය පැතිරීම අඩුවනු ඇත. සමට සුවයක්
දැනෙනු ඇත. මෙමගින් ප්‍රතිශක්තිකරණයේ වර්ධනයට යම් රුකුලක් ලැබෙන
තත්ත්වයක් ඇත.
ඖෂධීය ජලයෙන් සේදුම කරනවාට අමතරව ඖෂධ භාවිත කළ හැක. ඒ සමඟම ආහාර රටාව ගැන අවධානය යොමු කළ යුතුය. එය වැදගත්ම කාරණාවක් වන්නේය.
මෙහිදී
විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ දද කුෂ්ඨ වැනි රෝග ඖෂධයක් ගෙන තාවකාලිකව
යටපත් කර නොගැනීමටයි. නිට්ඨාවට සුවය ලබා ගැනීම තුළ චීන කටු ප්‍රතිකාරයේ
නිට්ඨාවට සුවය ලබාගත හැකි තත්ත්වයක් තිබේ.
මෙහිදී රෝගියාගේ රෝග
තත්ත්වය විමසා බලා හේතුව අනුව ප්‍රතිකාර කිරීමත් පෙනහලු ආරක්ෂා කරමින්
වෙනත් රෝග ඇතිවීමේ හැකියාව අවම කරමින් අතුරු ආබාධවලින් තොර රෝගය සුවකර
ගැනීමේ හැකියාව තිබේ. කොපමණ කල් ගත වූ දද, කුෂ්ඨ වුව චීනකටු ප්‍රතිකාරයේ
ඇති ප්‍රතිකාර සාර්ථක ප්‍රතිඵල ලබාදේ. ලප කැළැල් නොමැතිව රෝග සුවයට ටික
දිනක් ගත වනු ඇත.
මෙවැනි රෝගීන් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේදීත් රෝග සුවයෙන් පසුත් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.
එනම්,
අසාත්මික ආහාර, තමන් ගේ සමට නොගැළපෙන පාවහන් පැලඳීම, සම් සහිත පාවහන් තෙත
තත්ත්වයේ පැලඳීම, නයිලෝන් මේස් පැලඳීම, පාවහන් රහිතව මඩේ ගොස් පාද සෝදා
හොඳින් පිසදා නොගැනීම තුළ ඇඟිලිකරු වනවීම වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමය.
අසාද්මික තුවාලවල අවට පිරිසිදුව සෝදා වියළි තත්ත්වයේ තබා ගැනීම තුළ ක්ෂුද්රජීවී ආසාදාන අවම වනු ඇත.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks